බස් ගාස්තු සංශෝධනයක්?

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතයි.

බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

පසුගියදා යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත්
අතර ඒ අනුව මේ වන විට ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් වෙයි.

සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 131කි.

මෙම තත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගියදා රැස් වූ සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

Previous Post Next Post