සඳුදාට අලුත් කැබිනට්ටුවක්?

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ජනාධිපතිවරයා ඊයේ ලැබුන නඩු තීන්දුවටද ගරු කරමින් සහ අද
තීන්දුවක් ලැබෙන බවත් එයටද ගරු කරමින් සඳුදා දිනය වන විට නව ක්‍රියාමාර්ග වලට නියැළීමට සූදානම්  බවත් ඔහු පැවසීය.

පවතින තත්ත්වය තුළ රටට හොඳක් නොවූවත් කුමන හෝ ආණ්ඩුවක් සෑදේවී යැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

එසේම නව ආණ්ඩුවට එක් වීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඔහු පැවසීය.


Previous Post Next Post