උතුරේ ජනයාගේ ඉඩම් 31ට පෙර නිදහස් !

යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන උතුරු සහ නැගෙනහිර රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්‍ෂාවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප්‍රමාණයක් 2018 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පියවර ගෙන තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශ වල 2009 වසරේ සිට මේ
දක්වා යුද හමුදා පරිහරණය කළ ඉඩම් අක්කර 69754.59 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසයි.

2009 වසරේ මැයි මස 18 වැනි දින සිට යුද හමුදාව විසින් ඉඩම් අක්කර 84523.84 ක පරිහරණය කර තිබූ බවත් ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් ඉහත ඉඩම් ප්‍රමාණය නිදහස් කළ බවද හමුදාව සඳහන් කරයි.

2018.නොවැම්බර් මස 25 වැනි දින දක්වා කාලය තුළ මෙම ඉඩම් නිදහස් කර ඇති බවත් මේවා පුද්ගලික හා රජයේ ඉඩම් බවද උසස් හමුදා නිලධාරියෙක් කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් නිදහස් කළ තවත් ඉඩම් අක්කර 263.55 ක ප්‍රමානයක් 2018.12.31 වැනි දින ට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කිරීමට නියමිත ඇති බවද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටක් කියා සිටියි.

Previous Post Next Post