ජනවාරි 9න් පසුව ජනාධිපතිවරණක් කැඳවන්න පුළුවන්

ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාව  ජනාධිපතිවරයාට සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණය කඩිනම් පැවැත්විමට කටයුතු කරනු ඇති බවට
තමා විශ්වාස කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා සදහන් කළේය.

Previous Post Next Post