'ජනාධිපති වහාම ඉවත්විය යුතුයි' - කුමාර වෙල්ගම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය
ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මහතා සඳහන් කර ඇත්තේ ' දි අයිලන්ඩ්' පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංගනය කළ පුද්ගලයෙක් ලෙසරටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පවසන වෙල්ගම මහතා, තවදුරටත් කියා සිටින්නේ ජනාධීපතිවරයා සිය ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරය ද අපකීර්තියට ලක් වන බවයි.

එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළිගැනීමටද බලපාන බව ඒ මහතා පවසයි.



Previous Post Next Post