විභාග අපේක්ෂකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව අපේක්ෂකයින්ට සාමකාමිව විසිරි යන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුනහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කලහොත් 1968
අංක 25 දරන විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුනුවන ලබන බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් විභාග ශාලාධිපතිවරුන්ට ලබාදී ඇති බව මෙහිදී විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටිනවා.

මෙන්ම විභාග මධ්‍යස්ථාන ආසන්නයේ පොලිස් මුර සංචාරක රථ යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Previous Post Next Post