රනිල්ට විශ්වාසය පළකරන යෝජනාව සජිත්ගෙන් : පක්ෂව 117ක් !

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද(12) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබේ.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික
පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

යෝජනාව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසිමක්ද පවත්වා එය සම්මත කර ගැනීමට ද එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කෙරෙන යෝජනාවට පක්ෂව තම පක්ෂය ඡන්දය භාවිත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ එජාපෙ නායකයකු පැවසුයේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව අද දිනයේ ඡන්ද 117ක් ලැබෙන බව සහතික බවයි.

Previous Post Next Post