බ්‍රිතාන්‍ය අගමැතිවරියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඇය නියෝජනය කරනු ලබන කන්සර්වේටිව්
පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබුණා.

මේ අනුව අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස ඉල්ලා මන්ත්‍රිවරුන් 48 දෙනෙක් ද ලිපි ඉදිරිපත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත් කරනු ලැබුවා.

Previous Post Next Post