බොහෝ ප‍්‍රදේශවලට තද වැසි - අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් අවවාදයක්

ශී‍්‍ර ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම නිසා බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්‍ෂිතයි. උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසිද ඇති විය හැකියි. කංසන්තුරේ සිට පුත්තලම හරහා ගාල්ල දක්වා ගැඹුරු
මුහුුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩිවීමටද හැකියාව තිබෙනවා. එම මුහුදු ප‍්‍රදේශ ක්‍ෂණිකව රළුවීමටද ඉඩ තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර තවත් අඩුපීඩන තත්ත්වයක් ඉදිරි පැය 48 තුළදී අන්දමන් සහ ඒ ආසන්න බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනයවීමට හැකියාවක් තිබෙන බවද හදුනාගෙන තිබෙනවා. මේ පිළිබද අවධානයෙන් සිිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.


Previous Post Next Post