නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් නාලක ද සිල්වාට චෝදනා එල්ල වී තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ අතර අවස්ථා කිහිපයකදී නාලක ද සිල්වාගෙන් එම දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඒ අනුව පසුගිය මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Previous Post Next Post