බස් ගාස්තු අඩුවෙයි

බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 02 කින් බස් ගාස්තු අඩු කිරීමටයි බස් සංගම් එකඟතාව පළ කර ඇත්තේ.

බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (07)
පැවැත්වුණා.  ඒ ජාතික ගමනාගමන කොමිසම හා බස් රථ හිමියන්ගේ සංගම් නියෝජිතයන් අතරයි.

ඉන්ධන මිළ අඩු කිරිමට රජය පියවර ගත්තා. එම සහනය ජනතාවට ලබාදීම මෙහි අරමුණ බවයි පැවසුනේ.

Previous Post Next Post