පාර්ලිමේන්තුවේ රැස්වීම ගැන ආණ්ඩුවෙන් අද අවසන් තීරණයක්

එළඹෙන 14 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩව අද (07) දිනයේ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව එදින උත්සවාකාරයෙන් විවෘත කරන්නේද, නැද්ද යන්න සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවට ජනාධිපතිවරයා සහභාගී වනවාද, නැද්ද යන්න පිළිබඳවද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

වාර අවසාන කිරීමෙන් පසු ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වන අවස්ථාවේ ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පිරිනමනවාද, නැද්ද යන්න ඒ අනුව තීරණය වනු ඇති. එලෙස උත්සවාකාරයෙන් විවෘත කරන්නේ නම් පන්සිය දෙනෙකුට පමණ ආරාධනා පත‍්‍ර යොමු කිරීමට පාර්ලිමේන්තු වේත‍්‍රධාරී කාර්යාලය සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ති‍්‍රවිධ හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් සහ මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අදාළ ආරාධනා පත‍්‍ර යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.


Previous Post Next Post