අද කාලගුණ තත්ත්වය

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන
ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර් සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැක.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, මධ්‍යමසහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසයි.

Previous Post Next Post