බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද( 03 ) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතී.

පසුව එම පද්ධතිය තවදුරටත්වර්ධනය වෙමින් දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය
යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 100-150 පමණ තද වැසි ද ඇති විය හැක.

(විශේෂයෙන් කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල).

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොතුවිල් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට, මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



Previous Post Next Post