පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසී

ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසි වී ඇත.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කලේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක
සභාව හෙවත් කෝප් කමිටුව හා මහජන පෙත්සම් කාරක සභාව මෙලෙස අහෝසි වී ඇති බවයි.

 මීට අමතරව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12ක් ද අහෝසි වී ඇති බව හෙතෙම පවසන්නේය.

මේ අතර නව ආණ්ඩුවේ සියලු අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ නව ආසන පැනවීම ආරම්භ කිරීමට නියමිත බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.




Previous Post Next Post