එළවළු මිල ඉහළට

වෙළඳපොලේ එළවළු මිල මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම කොටුව මැනිං වෙළඳපොලේද එළවළු ව්‍යාපාරිකයින් පවසන්නේ එළවළු තොග ලැබීම සීමා වීම මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

කන්ඳ උඩරට ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන
කැරට්, බෝංචි, මාලුමිරිස්,ලීක්ස් ඇතුළු එළවළු කිහිපයක  තොග මිල මෙන්ම පහතරට එළවලු වර්ග බොහොමයක තොග මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් තිබේ.

වෙළඳුන් පවසන්නේ අයහපත් කාළගුණ තත්ත්වය මෙන්ම එළවළු තොග නොලැබීම මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මේ පිළිබඳව කොළඹ මැනිං වෙළඳපොලේ වෙළඳුන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් ක‍ළේ උඩරට, පහතරට දෙවර්ගයේම එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 250ත් 350ත් අතර වීම නිසා සිල්ලර මිල පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

Previous Post Next Post