මහජනයාට අදත් පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

පාර්ලිමේන්තුව අද(23) පෙරවරු 10.30ට රැස් වීමට නියමිතයි.

ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පැවැත්වීමට නියමිත බව ඊයේ කථානායක කාර්යාලය සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සහ අද
දිනට අදාළ න්‍යායපත්‍රය සකස් කිරීමට පෙරවරු 9.00ට පක්ෂ නායකයින් රැස්වන බව වාර්තා වෙයි.

මේ අතර ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුවේ කථානායක ගැලරිය සහ මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර තිබේ.

අවසර ලත් මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තුවට  පිවිසීමට හැකියි.

පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු පුද්ගලයන් අද දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ද නියමිතයි.

ආරක්ෂක කටයුතු සඳහා අමතර පොලීසිය යොදවා තිබේ.

මේ අතර ස්ථාවර නියෝග වලට අනුව කටයුතු නොකරන්නේ නම් අද පාර්ලිමේන්තුවේදී ද එය වැලැක්වීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.






Previous Post Next Post