නියෝමාල් රංගජීව යළි වැඩට එයි

පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා යළිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ පිහිටුවිමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසුවේ පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ(21) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි රංගජීව මහතා සේවයේ පිහිටුවිමට පියවර ගෙන
ඇති බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නිරතව සිටි පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතා ‍2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පසුගිය මාර්තු මස 28 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංගජීව මහතා පසුගිය සැප්තැම්බර් මස 26 වනදා ඇප මත මුදාහැරුණේ මාස 06ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමෙන් අනතුරුවයි.

Previous Post Next Post