එක්සත් ජාතික පෙරමුණේ තවත් සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පෙරමුණේ තවත් සාකච්ඡාවක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දීරයේ මෙම රැස්වීම පැවැත්වෙන බවයි
වාර්තා වන්නේය.

වත්මන් දේශපාලන වාතාවරණයත් සමඟ පසුගිය දින කිහිපය තුළ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් මුණගැසී  සාකච්ඡා කළේය.

ඊයේ (20) පෙරවරුවේ ද එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැති බව සඳහන්.

ඒ අනුව අද දිනයේ ඉදිරි දේශපාලනික කටයුතු පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව අද දෙරණ කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

Previous Post Next Post