අද මහරගමදී ජවිපෙ විරෝධතාවයක්

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන රැළියක් මහරගම නගරයේදී අද (21) පස්වරුවේ පැවැත්වෙනවා. මෙම රැළිය නම් කර ඇත්තේ ‘‘ඒකාධිපති වියරුව පරදවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජනතා රැළිය’’ යන්නයි. මේ, ඒ පිළිබඳ අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස.

මේ රටේ පතුරුවන ඒකාධිපතිත්වය පරාජය කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදය
දිනවීම සඳහා ජනතාව ඒකරාශී කරන ජනතා රැළියක් අද සවස 3 ට පවත්වනු ලබනවා. ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ සිදුකරන මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියාව පරාජයට පත් කිරීම සඳහා වන ජනතා බලය පෙන්වීමට සියලු දෙනා එක්රැස් කරන බවයි මන්ත්‍රිවරයා කියා සිටියා.

Previous Post Next Post