පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද නම් කරයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද (21) දිනයේදී සිදු කිරිමට බලපොරොත්තුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

අප සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් සාමාජිකයින් පත් කිරිම
සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරි තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පත්විය යුතු දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවත් සමඟයි.

මේ සම්බන්ධයෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩු පක්ෂයට බහුතරය පවතින බැවින් තමන්ට තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් පත් කිරිමේදී වැඩි අවස්ථාවක් හිමිවන බවයි.

Previous Post Next Post