අර්බුද මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ පොදු අපේක්ෂකයෙක් බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

එම පොදු අපේක්ෂකයා තරුණයකු හෝ මැදි වියේ කෙනෙක් විය හැකි
යයි කී මන්ත‍්‍රීවරයා ස්ථිර වශයෙන් ම තරග කරන්නේ පොදු අපේක්ෂකයෙක් බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා එම විහාරස්ථානයන් වෙත ගිය අවස්ථාවේදීය.

නවීන් දිසානායක මහතා වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑණනුවන් වන අතර මීලග එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට ලබා දීම සඳහා කතානායකවරයා වැඩපිළිවෙලක නිරතව සිටින බවට අදහස් පල වෙයි.




Previous Post Next Post