සීගිරියේ කාමර දහසකට අධික ඇනවුම් අවලංගු කරලා

දිවයිනේ සංචාරය සඳහා මේ දිනවල හා ඉදිරි මාස දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙකු තමන් කලින් වෙන් කරගෙන තිබූ සීගිරිය හෝටල් කාමර බොහොමයක් ම මේ වන විට අවලංගු කර ඇති බව සීගිරිය සංචාරක නිකේතන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් ගුණසේකර මහතා සඳහන් කරයි.

දේශපාලන අර්බුදය හා රටේ අස්ථාවරභාවය
අවධානයට ගෙන ඇති විදේශීය සංචාරකයෝ මේ නිසා ඔවුන්ගේ මෙවර සංචාරයේදී ශ්‍රී ලංකාව බැහැර කිරීමට තීරණය කර ඇති බවට තමා සැකකරන බවද ඔහු කියා සිටී.

මේ අනුව හෝටල් කාමර දහසකට අධික ඇණවුම් සංඛ්‍යාවක් දැනටමත් අවලංගු කර ඇති බව තම සංගමයට වාර්තා වී ඇතැයි ද ඔහු හෙළි කළේය.

විද්‍යුත් සන්නිවේදන මාර්ග ඔස්සේ විදේශීය සංචාරකයන් අවලංගු කිරීම් සිදුකර ඇති බව ද ලයනල් මහතා වැඩි දුරටත් පැවසීය.



Previous Post Next Post