තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ අය අද නම් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ(19) රාත්‍රී  පැවති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මැති
ඇමතිවරුන් පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි.

හිදී ඊයේ පාර්ලිමේන්තුවේ දී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව සහ තේරීම් කාරක සභාව පත් කිරීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ සාමාජීකයින් නම් කිරීමට අද(20) දිනයේ සිදුකිරීමට තීරණය වී ඇති බව සඳහන්ය.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය වාසූදේව නානායක්කාර මේ බව සඳහන් කළේය.


Previous Post Next Post