"කොටින්ට වඩා අලින්ව පරාද කරාම ජනතාව සතුටෙන්" - ෂෙහාන් සේමසිංහ

හිටුපු අග්‍රාමත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීමට වාර්තමාන රජය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඔක්තෝම්බර් 26 දා පසු රනිල්  වික්‍රමසිංහ මහතා හිටපු අගමැතිවරයෙක් ලෙස පිළිගැනීමට සූදානම් බව
ඒ මහතා සඳහන් කෙළ්ය.

මේ අතර පසුගිය රජය සමයේ විපක්ෂයට සිදුකරන ලද කෙනෙහෙළිකම් වර්තමාන රජය මඟින් කිසිවිටෙක සිදු නොකරන බවත්  රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට සූදානම් බව ඒ මහතා පෙන්වා දෙයි.

තවද පසුගිය 26 දා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත්වූ පසු ත්‍රස්ථවාදීන් පරාජය කළ හා සමානව අලීන් පරාජය කිරීම සම්බන්ධව ජනතාව සතුටු වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Previous Post Next Post