පාර්ලිමේන්තුව කැඳවලා ඕනෑ කෙංගෙඩියක් කරගන්න - එ.ජා.ප. සංවිධායක සංජීව් කරුණාතිලක

පසුගිය දා මෙරට ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය 70 වසරක දේශපාලනයට එකතු වූ කළු පැල්ලමක්. මෙවැනි සිදුවීමක් පළමු වරටයි මෙරට දේශපාලනයේ සිදු වූයේ. නැවතත් ජනවාරි 08 පරාජය කරපු කළු දශකයේ මතක දැන් කරළියට ඇවිත්.

මෛත්‍රි තමන්ගේ දේශපාලන ගමනට තිත තබා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ
මළ බෙරයත් වාදනය කරන්න පටන් අරගෙන. හරිනම් මෛත්‍රිපාල උන්නැහෙ මේ වෙන විට හීනෙන් බයවෙලා කෑ ගහන්න ඕන කරපු මේ කැත වැඩේට යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි හා රත්ගම එ.ජා.ප. සංවිධායක සංජීව් කරුණාතිලක සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31දා) තම පාක්ෂිකයන් සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය. "ඕනම දෙයකට ආචාරධර්ම පද්ධතියක් තියෙනවා. ඒ වගේම තමයි නීත්‍යනුකූල බවකුත් තියෙනවා. මේ දෙකම උල්ලංඝනය කරපු අවාසනාවන්ත ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඉන්නෙ. විදෙස් රටක ඉන්න පුරවැසියෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන්ද තමන්ගෙ රටේ ජනාධිපති කුමන්ත්‍රණකාරයෙක් කියලා. දැන් ඒක වෙලා ඉවරයි. ඉදිරියට තමයි හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙන්නේ. ජාත්‍යන්තර බලපෑම එන්න එන්නම වැඩිවෙනවා.

විදෙස් ආධාර තානාපති සේවාවන් අකුළාගන්න වේවි. ජනවිරෝධී ආණ්ඩුවක් සමඟ කිසිදු ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් ගනුදෙනු කරන්න එකඟ වෙන්නෙ නෑ. පාර්ලිමේන්තුව වහාම කැඳවලා මේ තත්ත්වය වහා නිවැරැදි කරන්න කියලා අපි දිගින් දිගටම බලපෑම් කළ යුතුයි. පාර්ලිමේන්තුව කැඳවලා කරන ඕන කෙන්ගෙඩියක් කරගන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ගෙනෙන ඕනෑම තත්ත්වයකට සුදානම්. අපි ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරන මිනිස්සු.

- mawubima
Previous Post Next Post