රනිල් නැවත අගමැති වුනොත් මං පැය දෙකෙන් පාරට බහිනවා.. – ජනපති

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකු හෝ පාවාදීමක් කර නැවතත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති පුටුවට ගෙන ඒමට උත්සාහ කලහොත් තමන් පැය දෙකක් යන්න පෙර පාරට බැස විථි සටන් අරඹන බව ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

තමන්ට වීථි සටන් ඉතා පුරුදු බවත් නිදහස් ශ‍්‍රි ලංකාවට එරෙහිව සිදුවන
එවන් විදේශීය බලපෑම්වලට එරෙහිව මහ පාරේ අරගලයකට වුවද තමන් සූදානම් යයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුවක් ජනාධිපති නිල නිවසේදී අමතමිනි.



Previous Post Next Post