දේශපාලන ගැටුම්වලට යුද හමුදාව මැදිහත් වන්නේ නෑ

රට තුළ උද්ගත වී ඇත්තේ දේශපාලන ගැටුමක් පමණක් බවත් විනයගරුක හමුදාවක් ලෙස යුද හමුදාව ඊට මැදිහත් නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  පැවැසීය.

මෙම දේශපාලන ගැටුම ව්‍යවස්ථානුකූලව හා නීත්‍යනුකූලව විසදා ගත යුතු බවත් රට තුළ සාමය පොලිසිය සහ පොලිස්
විශේෂ කාර්ය බළකාය විසින් ස්ථාපිත කොට ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සහායක් ලබා දෙන ලෙසට පොලිසියෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහාය ලබා දෙන බව යුද හමුදාපතිවරයා පැවැසීය.

- මව්බිම

Previous Post Next Post