ඡන්ද 121 කින් තේරීම් කාරක සභාව ස්ථිරයි - එජානිස මන්ත්‍රීලා නැගිට යති

තේරීම් කාරක සභාවේ සංයුතිය සඳහා කථානායකවරයා විසින් පවත්වන ලද ඡන්ද විමසීමෙන් එම කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබිණි.

මේ ජන්ද විමසීම සිදුකරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් (එජානිස) අදාළ ඡන්ද විමසීමට විරෝධය දක්වා ඉන් පිටව යාමෙන් පසුවය.

කෙසේවුවද, මේ සඳහා ඡන්දය පාවිච්චි නොකරන ලද මන්ත්‍රීවරු ගණන
104 කි. ඒ අනුව ඔවුන් ඡන්දය පාවිච්චි කළ ද අදාළ යෝජනාව වැඩි ඡන්ද 17 ක් ඇති බව මේ ප්‍රථිපලය අනුව පැහැඳිළි වේ.

කඡානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළ තේරීම් කාරක සභාවේ සංයුතිය මෙසේය.

තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

සන්ධානය - දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එජාපේ - රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල

ඉලංකෙයි තමිල් අරුසකච්චි - මාවෙයි සේනාධිරාජා

ජවිපෙ - විජිත හේරත්

තුන්වැනි වරටත් UNPය බහුතරය පෙන්නුවා

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත්කරමින් තමන් තෙවැනි වරටත් පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරය ඇති බව පෙන්වා සිටි බව දක්වා තිබේ.
Previous Post Next Post