ඥාණසාර හිමිට එරෙහිව නිතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම ඉල්ලා අස්කරගනී

2008 වර්ෂයේ තලහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රන් මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුලු චූදිතයින් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අධි චොදනා 11 න් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ
අභියාචන පෙත්සම අද (23) ඉල්ලා අස්කර ගන්නා ලදී .

නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම චොදනා සම්බන්ධයෙන් නිසි ලෙස සාක්ෂි නොවිමසා මහාධිකරණය චුදිතයින් 2014 අප්‍රේල් මස 2 දා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර

 ඇති බවට  නීතිපතිවරයා මීට පෙර චොදනා කර තිබුණි
Previous Post Next Post