පාර්ලිමේන්තුව කල් තබයි

පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා කල් තබා තිබේ.

මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය.

අද(27) පස්වරු 1 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා
ගර්භයට නොපැමිණ සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදි අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ කථානායව විසින් පාර්ලිමෙන්තුව තුල අනීතික පාලනයක් ගෙන යන බැවින් කථානායකවරයා සහභාගිවන පාර්ලිමේන්තු වාර සඳහා ආණ්ඩු පක්ෂය කිසිදු අවස්ථාවකදි සහභාගි නොවන බවයි.

මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු සභා ගර්භයට පැමිණ නොමැත.

Previous Post Next Post