මහින්දගේ අගමැතිධූරයට එරෙහිව තවත් පෙත්සමක්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වන ඕෂල
හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ  මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වලට පටහැනි බවයි.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Previous Post Next Post