කතානායකට එරෙහිව හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්

කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් (27) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර බස්නාහිර පළාත් සභාවේ
නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන් සහභාගි විය.

පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා දැක්වූ අදහස්

ලංකා ඉතිහාසයේ අඩසිය වසකටත් අධික පාර්ලිමේන්තු දේශපාලනයේ සිදු වූ විලිලජ්ජා සහගතම සිද්ධිය විනිශ්චයට ලක් වෙලා කතාවකට ලක්වෙලා දැන් මොහොතකට කලින් සටහන් වුනා පැමිණිල්ලක් ලෙස. අපි මතක් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීම කෝප වීම ගැන මහ ලස්සන කතා කියමින් ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ගිනි තිබ්බා සේ හැසිරෙන අයට ඔන්න අප සාක්ෂි සහිතව ඔප්පු කරනවා ලංකා පාර්ලිමේන්තුවේ බිහිවූ නිර්ලජ්ජිතම කතානායකවරයාගේ කූට වැඩ අතටම හසු කරගත් බව.

මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ අපක්ෂපාතීව කටයුතු කල කථානායකවරුන්ගේ නිලය කෙලෙසූ කොළ වර්ණය තැවරූ ඒ කතානායකවරයා කූට ලේඛනයක් සකස් කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කළ බව අද අපි නීතිය ඉදිරියේ පෙන්වා දුන්නා. නොතිබූ වචන ඇතුළත් කර අර්ථ නිරූපණයන් වෙනස්කර නිකුත් කරන ලද හැන්සාඩ් වාර්තාවෙන් පැහැදිලිව වෙනවා එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට උවමනා ලෙස කූට ලේඛණ සකස් කළ බව

අපට මතකයි පසුගිය රජය කාලයේ තිස්ස අත්තනායක මහතා කූට ලේඛණ සැකසූ බව කියමින් දින 55ක් බන්ධනාගාර ගත කළා. නමුත් එතුමා එදා කියූ කතා එකින් එක සිදුවුණා. නමුත් මෙදා මුළු රටම බලන් සිටින විට තමන්ගේ ලේඛණ තක්කඩියෙකු සේ වෙනස් කරමින් කතානායකවරයා කටයුතු කිරීම අතිශය ප්‍රබල වරදක් ලෙසින් අප දකිනවා. ලෝකයේ කොහේවත් මම අහල නෑ කතානායකවරයෙක් මෙහෙම තක්කඩි වැඩ කරනවා. ඒ නිසා අපි කරූ ජයසූරිය මැතිතුමන්ට නැතිනම් කොළ සූරිය මැතිතුමන්ට අපි කියනවා දැන් ඔබ උත්තර දෙන්න. එදා අපේ මන්ත්‍රීවරුන් කිපුන එක හරිද නැද්ද කියා තීරණය කරන්න.

මොකද එජාපයේ නායකයා ලෙස තක්කඩි ලෙස බැංකු මංකොල්ල කන පුද්ගලයෙකු පත්වුවහොත් එය අපට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ජයසූරිය මැතිතුමා එජාපයේ ලේඛන වෙනස් කළත් අපට කමක් නැහැ. බැංකු මංකොල්ල කාපු තක්කඩියා මෙරට අගමැති වුණා වගේම කූට ලේඛන සෑදූ පුරවැසියා මෙරට තුන්වැනි තැන දරන කතානායක වීමයි අපට කණගාටුව.

එනිසා අප ඉල්ලීමක් කරනවා ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කතානායක කියන ගෞරවනීය නිලය කෙලෙසූ බව ඔබ පිළිගන්න කියා.

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා දැක්වූ අදහස්

මේ රටේ සමස්ථ ජනතාව අද දන්නවා පසුගිය කාලේ මේ රටේ තිබුණේ විකෘති ආණ්ඩුවක්. එ් විකෘති ආණ්ඩුව අද පාර්ලිමේන්තුව තුළ විකෘතියක් බවට පත්වෙලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තුළ විකෘතිය තමයි අද හැන්ඩ්සාඩ් වාර්තා වල විකෘති දේවල් ලියන්නේ. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ඒක අදහසක් දීලා සමස්ත සමාජයටම වෙනත් අදහස් දෙන කූට ලේඛණ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක ජනතාවට හෙළි කරන්න තමයි අද අපි කොළඹ වංචා විමර්ශණ කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ.

– අරවින්ද අතුකෝරල

Previous Post Next Post