පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද (27) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම ප්‍රශ්න කර සිටියා.

මෙහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ නාමල් කුමාර
ජනාධිපතිවරයාගේ ඔත්තුකරුවෙක් බවයි. පසුගිය සති අන්තයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතා හෝ තමන්ව අගමැතිධුරයට පත් කරන්නේ නැති බවට. එහිදී විදෙස් මාධ්‍යවේදීන් විමසා තිබෙනවා සරත් ෆොන්සේකා පත් නොකරන්නේ ඇයිද කියා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ තමා ඝාතනය කිරීමට සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් ලෙස සිටින මාහට රටේ ජනාධිපතිවරයා තමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියලා කරන චෝදනාව බරපතළ එකක්. මම ඉල්ලා සිටිනවා පැය 48 ක් ඇතුලත පොලිස්පතිවරයාව පාර්ලිමේන්තුව හමුවට කැඳවලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා ඒ සඳහා පිළිතුරක් ලබා ගත යුතුයි.

නාමල් කුමාර ජනාධිපතිවරයාට ඔත්තු දෙන ගමන් පොහොට්ටුවෙන් අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මැතිවරණයට තරග කරන්න සුදානම් වෙලා ඉන්නේ.


Previous Post Next Post