වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (17) උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශකර සිටියේ අද පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන
ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානින් අතර පැවති හමුවකදීය.

රට තුල පවතින දේශපාලන ගැටලුකාරි තත්ත්වය ඉදිරියේදි නිරාකරණය වනු ඇති බවත් එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිළධාරින් ගේ වගකිම බව මෙහිදි ජනාධිපතිවරයා සදහන් කර සිටියා.

Previous Post Next Post