ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ එම කරුණු
සඳහන් කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.

“අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා

Previous Post Next Post