ජනපති සහ අගමැති අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් වෙත ජනාධිපතිවරයා ඊයේ (15) ලබාදී ඇති පොරොන්දු පිළිගන්නේදැයි නෙත් නිවුස් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විමසීමක් කළා. අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසුවේ සිය පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි.

නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්
ඊයේ රාත‍්‍රියේ රැස් වී තිබෙනවා. ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදීන් එහිදී ද ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ කුමටද කියාය.

මේ අතර ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ද ඊයේ රාත‍්‍රියේ පවත්වා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග කලින් පැවති සාකච්ඡාවේදී මතු වූ කරුණු ජනාධිපතිවරයා එහිදී අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

Previous Post Next Post