පළාත් කිහිපයකට තද වැසි සහ දැඩි සුළං

නිරිත දිග බෙංගාලබොක්කේ පවතින “ගජ චණ්ඩ” සුළිකුණාටුව තමිල්නාඩු සහ පුඩුචෙරි වෙරළ තීරයට ගමන් කර තිබේ.

සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත් වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය අර්ධද්වීපය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 100ක් දක්වා
වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වන බවිය එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක වල මිලි මීටර් 150කට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන වෙරලාසන්න පහත් බිම් ප්‍රදේශ වල මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Previous Post Next Post