IOC ඉන්ධන මිලත් පහලට

ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ.

එම සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 07කින් අඩු කර ඇති බව වාර්තා වෙයි.

ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල්
05කින් අඩු කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඊයේ ඔක්ටේන් 92,95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05කින් පහත දමා තිබේ.

ඒ අනුව  මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 140ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 167ක් ද ඔටෝ ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 111ක් ද සුපිරි ඩීසල් ලීටරයක් රුලියල් 136ක් ද වෙයි.

Previous Post Next Post