රනිල්ට කිසිසේත්ම අගමැති ධුරය දෙන්නේ නෑ..- ජනාධිපති සහතික කරයි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම යලි අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී
කණ්ඩායමේ දී මේ බව සඳහන් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් හේතුවෙන් බව අද දහවල් පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී සන්ධාන පාර්ශවයෙන් චෝදනා එල්ල විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි චම්පික රණවක මහතා කොළඹදී පැවැති එජාප විරෝධතාවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාට එම දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බවය.

Previous Post Next Post