පාර්ලිමේන්තු සබාගර්භයේ දේපළ රැසකට හානි

පාර්ලිමේන්තුවේ අඛන්ඩව දින තුනක් තුළ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සබාගර්භයේ දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මයික්‍රෆෝන, මන්ත්‍රී ආසන ඇතුළු දේපළ රැසකට හානි  සිදුව ඇති අතර එම අලාභ හානි තක්සේරු කර අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට ඉදිරියේදී
කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු පැවසු වේ.

පසුගිය 14 වනදා සිට අද (17) දිනය දක්වා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති  වීමෙන් සැසිවාර කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා ලබාදෙන රුපියල් 2500 පැමිණීමේ දීමනාව, ඔවුන්ගේ ආහාරපාන සඳහා වැයවන වියදම වැයවන අනිවාර්ය වියදම් වේ.

එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාරයක් කැදවීම සඳහා වැයවන ජල බිල්පත් වියදම, විදුලි බිල්පත් වියදම, ලිපිලේණ වියදම් ඇතුළු වියදම්  සඳහා වැයවන මුදල ද අනිවාර්ය වියදම් ලෙස සැලකේ.

එම නිසා පාර්ලිමේන්තුව රැස්වී න්‍යාය පත්‍රයට අනුව කටයුතු නොකර ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාර කල්දමන අවස්ථාවන්වලදී වුවද අනිවාර්ය වියදම් දැරීමට සිදුවන බව සඳහන් වේ.

මේ අතර පසුගිය දින 03 තුළ පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුවේ සේවය කරන නිලධාරීන්ට ද තුවාල සිදුව ඇති බව වාර්තා වන්නේය.


Previous Post Next Post