අගමැති නීත්‍යානුකූල නැහැ කියන්න - රිට් පෙත්සමක් අද විභාගයට

මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකම් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොණු කෙරුණු රිට් පෙත්සමක් අද (30) සලකා බැලීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 122 කු විසින් මෙම පෙත්සම ගොණුකර තිබෙනවා. එය සලකා බැලීමට
නියමිතව ඇත්තේ  අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ සහයෝගය නොමැති බව විශ්වාසභංග යෝජනාවකින් සම්මත වි ඇතැයිද කතානායකවරයා ඒ බව තහවුරු කර ඇතැයිද පෙත්සම්කරුවන් පවසනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකුල හිමිකමක් නොමැති බවටයි ඔවුන් තර්ක කරන්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 49 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Previous Post Next Post