බස් ගාස්තු අඩු කරන්න බස් සංගම් සැරසෙයි

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත්  මහතා පැවසුවේ ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම්
සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද අදහස් පළ කළේය.



Previous Post Next Post