අගමැති කාර්යාලයේ සේවකයන්ට හිටිහැටියේ ජංගම දුරකථන භාවිතයට තහනමක් පනවයි

ශ්‍රීමතිපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකතන භාවිතයෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්. සුනිල් ජයවර්ධන මහතාගේ අත්සනින්න යුත් ලිපියක් යොමුකර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ‘ජංගම දුරකතන
භාවිතය’ යන මැයෙන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්ණ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවද යන්නයි.

Previous Post Next Post