අදත් තද වැසි

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින වලදීත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) දිනයෙදිත් දිවයිනේ අහස වලාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 තද වැසි ඇති වන බව සදහන් වේ.

බස්නාහිර, ඌව, වයඹ, නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානව ට මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.


Previous Post Next Post