දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු අඟවයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්ය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන්  දොරටු  දෙක බැගින් ඊයේ (24) රාත්‍රියේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර වැසි සහිත කාලගුණ තත්වයත් සමග මහනුවර, මාතලේ සහ
නුවරඑළිය යන දිස්ත්‍රික් 03 සදහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මේ අතර  කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි  ගස් අතු කපා ඉවත් කිරීමේ කටයුතු අද(25) දිනයේ සිදුකරන බව ඒ මහතා පැවසීය.



Previous Post Next Post