අඹ නඩුවේ අත්අඩංගුවට ගත් කත වරද පිළිගනී

අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර ඒවා සිය සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි වියපත් කාන්තාවක් තමාට එරෙහිව පවතින එම චෝදනාවන්ට වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

සැකකාර කාන්තාවට දඬුවම් නියම කිරීම ලබන 30 වැනි දා දක්වා කල්
තැබූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරතුංග මහතා එදිනට ඇයට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

අධිකරණය හමුවේ මෙසේ වරද පිළිගනු ලැබූවේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අංක 56 ලිපිනයේ පදිංචිකාරියක වන ලලිතා ආනන්ද නැමැත්තිය යි.

මෙම සැකකාර කාන්තාව තම ගෙවත්තේ ඇති අඔ ගසකින් ගෙඩි 19 ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අංක 46 ලිපිනයේ පදිංචි වෙරළදෙණියේ විදානලාගේ උදේනි පෙරේරා නැමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු කරනු ලැබීය.


Previous Post Next Post