පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මත්පැන් ජාවාරමක් හෙළි වෙයි

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පස් වැනි එක්දින ජාත්‍යන්තර තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අතරවාරයේ, එංගලන්ත පේ‍්‍රක්ෂකයින් පිරිසකට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා කරයි.

පේ‍්‍රක්ෂකාගාරයේ වායු සමනය කළ පෞද්ගලික නැරඹුම් කුටියක සිදු වූ
එම ජාවාරම අධිකරණය නිකුත් කළ සෝදිසි කිරීමේ අවසරයක් මත කි‍්‍රයාත්මක වූ සුරාබදු නිලධාරීන් එම ජාවාරම හෙළි කරගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටියේ පිහිටි සංචාරක නියෝජිතායතනයක් ෆේස්බුක් හරහා තරග ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කොට මෙම ජාවාරම සිදු කොට තිබෙන්නේ, එංගලන්තයේදී සිදු කරන ආසන වෙන් කිරීම් සඳහා පමණක් එය විවෘත කරමිනි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රු. 7,500කට අලෙවි කළ එම ප‍්‍රවේශපත‍්‍රයක් ජාවාරම්කරුවන් මත්පැන් සහ ආහාර සමග විකුණා ඇත්තේ රු. 20,500 බැගිනි.

ලන්ඩනයේ තම ඔත්තුකරුවෙකු හරහා ප‍්‍රවේශපත‍්‍ර හතරක් ලබා ගත් සිවිල් ඇඳුමින් සැරසුනු සුරාබදු නිලධාරීන් අදාළ පෞද්ගලික නැරඹුම් කුටියට ගොස් ඇති අතර, ඒ වන විට එහි එංගලන්ත ජාතිකයින් 16 දෙනෙකු සිට ඇත.

ජාවාරම්කරුවන් පිරිසක් පැමිණීමෙන් පසුව, කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ වාහනයකින් මත්පැන් තොගයක් ගෙන්වාගෙන තිබේ.

එම මත්පැන් තොගය අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත්තේ, ඊට රු. 300,000ක් පමණ වටිනා විස්කි, වොඩ්කා, වයින් සහ බීර අඩංගු බවයි.

මෙම කී‍්‍රඩාංගණයේ ස්ථාන පහකදී පේ‍්‍රක්ෂකයින් සඳහා බීර අලෙවි කිරීම සඳහා පමණක් අවසර ලබා දී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි දූෂණ මර්ධන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Previous Post Next Post