ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමගින් දේශපාලනික වශයෙන් ලගම හිතවත්කමක් පවත්වන පුද්ගලයා ඇමති සරත් ෆොන්සේකා යයි තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් මුල් කට උත්තරයේ සදහන් කරන ලද බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර
මහතා සදහන් කරයි.

අද වන විට සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශයන්ගෙන් එම ප‍්‍රකාශයේ සත්‍යතාවය තහවුරු වෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේ කේස් එකේ පිටිපස්සේ ඉන්නේ සරත් ෆොන්සේකා මහතා සහ තවත් පිරිසක්’ යයිද ඔහු සදහන් කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා කුමන්ත‍්‍රණය කලේ යයි නාමල් කුමාර මහතා විසින් කරන ලද චෝදනාවක් මත ඔහු විසින් රහස් පොලීසියට ප‍්‍රකාශ ලබා දී ඇත.

ඔහුගේ අද මාධ්‍ය හමුව අනුව ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා ඇමතිවරයා හා තවත් පිරිසක් යයි කියැවෙයි.


Previous Post Next Post