අද හවසට කුඩයක් අරන් යන්න

දිවයින අභ්‍යන්තරයේ සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි වර්ධනය වන අතර, පසුව එම වැසි වයඹ, බස්නාහර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල
තැනින් තැන උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ අංශ පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිව තද සුළං ඇති විය හැකි බව ද වාර්තා වෙයි.


Previous Post Next Post